Friday, October 13, 2017

සමාජ ඒකාග්‍රතාවය හා සාම අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තිය

සමාජ ඒකාග්‍රතාවය හා සාම අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තිය

මෙම ජාතික ප්‍රතිපත්තිය හා සවිස්තරාත්මක රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්  2008 දී අනුමත කරන ලදී.
සංකල්පීය පසුබිම

1997 දී යෝජනා කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

මෙමගින් මානව සාරධර්ම, මානව අයිතිවාසිකම්, ජාතික ඒකාග්‍රතාවය, ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම, ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් හා භාෂාත්‍රයේම පරිසරය හා භාෂාමය නිපුණතාවයන් සම්බන්ධයෙන් පූර්ව සේවා හා සේවාස්ථ අධ්‍යාපනය අවධාරණය කර ඇත. සහකම්පනාත්මකව සවන්දීම, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය, දරුවන්ගේ ආත්ම අභිමානය නැංවීම සහ භූමිකා රංගනය මගින් ගැටුම් නිරාකරණය යන මාතෘකා පිළිබඳ නිපුණතා වර්ධනය ගුරුවරු විසින් ලබා ගනු ඇතයි අපේක්‍ෂා කර ඇත.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ( 2003 ) පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සඳහා වූ යෝජනා වල

01. ජාතික ඒකාග්‍රතාවය, ජාතික සාමෝධානය, ජාතික එක්සත්භාවය, සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම හා
       මානව ගරුත්වයට බුහුමන් දැක්වීමේ සංකල්පය තුළ ශ්‍රි ලංකාවේ බහුවිධ සමාජය තුළ සංස්කෘතික                   විවිධත්වය හඳුනාගනිමින් හා දේශය ගොඩනැංවීමෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ස්ථාපිත කිරීම
02.  මානව අයිතිවාසිකම්වලට ගරුබුහුමන් දැක්වීම ප්‍රවර්ධනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය සහ සමාජ         සාධරණත්වයේ ප්‍රතිමාන වලින් යුක්ත වූ පරිසරයක් නිර්මාණය කිරීම හා අනුග්‍රහය දැක්වීම

ප්‍රතිපත්ති රාමුවේ අරමුණු 

01. ක්‍රමවේදයන්හි නවීකරණයන් යෝජනා කිරීම
02. පැහැදිලිභාවය සැපයීම සඳහා
03. ආවරණ සැපයීම සඳහා
04. අනවශ්‍ය ලෙස එකම දෙය දෙවරක් වීම වැළක්වීම සඳහා 
05. ක්‍රියාකාරකම්වල ඵලදායිතාවය පවත්වාගැනීම සඳහා

උපාය මාර්ග
01. විෂය මාලාව
02. ගුරු අධ්‍යාපනය
03. දෙවන ජාතික භාෂාව
04. සමස්ත පාසල් සංස්කෘතිය
05. සමෝධානය
06. විෂය සමගාමී
07. පර්යේෂණ

ක්‍රියාකරකම් පිළිබඳ සැලස්ම
පාසල් මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරකම් ඃ  පාසල සාමයේ ස්ථානයක් බවට පත් කරෙන අභ්‍යාසයන්
01. පන්ති සඳහා චර්යා සංග්‍රයක් ගොඩනැංවීම
02. පාසල් විනය උපදේශන මාලාවක් සකස් කිරීම
03. ආත්ම සම්මානය සංවර්ධනය සඳහා අභ්‍යාසයන්
04. විශේෂ ක්‍රියාකාරකම් භාවිතය  සහ සාමකාමී නිපුණතාවයන් වැඩි දියුණු කිරීම සඳහා  අභ්‍යාසයන්
05. උදාවන දිනය උදෙසා සදාචාරාත්මක උපදෙස්
06. පාසල් / පන්ති බිත්ති පුවත්පත
07. සාම ලාංඡන ප්‍රදර්ශනය කිරීම
08. සාම දිනය / සතිය
09. පන්ති මැදිහත්කරුවන් පත් කිරීම
10. සාම කමිටු පත්කිරීම
11. උදෑසන රැස්වීම
12. පාසල් සම්බන්ධ කිරීමේ වැඩසටහන්

ජාතික හා පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන්
01. විෂය මලාව තුළින් සාමය ස්මතු කරගැනීම
02. ගුරුවරුන් යළි පුහුණු කිරීම
03. අන්තර් සංස්කෘතික අවබෝධය සඳහා දෙවන ජාතික භාෂාව ඉගෙනීම
04. රාමුවෙන් බැහැර චින්තනය -  විෂය සමගාමී ක්‍රියාකාරකම්.
ශීෂ්‍ය හුවමාරු චාරිකා දෙනුවර මිතුරෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය
05. පාසල හා ප්‍රජාව තුළ සාමයේ සංස්කෘතිය පෝෂණය කිරීම
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා සාම සංකල්ප යොදා ගැනීම
06. සමෝධානය බලවත් කිරීම ඃ පාසල් සඳහා විවිධ ආදර්ශන
07. සමාජ ඒකාග්‍රතාවය හා සාම අධ්‍යාපනය පාදක පර්යේෂණ පු`එල් කිරීම
08. ශිෂ්‍ය නායකත්ව ප්‍රවර්ධනය හා පෞරුෂ වර්ධනය

No comments:

Post a Comment