Sunday, November 5, 2017

ජාතික අනුකලන උත්සව

සිසු දරුවන්ට බහුසංස්කෘතික විවිධත්වය අත්විදීමේ අවස්ථාව සදහා ජාතික අනුකලන උත්සව 

මිනිසත් බව, මානව දයාව හා මානව ගෞරවය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙම්න් පවත්නා මේ යුගයේදී අධ්‍යාපන පද්ධතිය වෙත පැවරෙන වගකීම ලඝුකොට සැලකිය නොහැකිය. ප්‍රචණ්ඩත්වය හා යුද්ධය ප්‍රතික්ෂේප කරන ගුණ දම් පුරණ මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා පාසල වෙත පැවරෙන වගකීම  සුලු පටු නොවේ. පාසල ද ප්‍රචණ්ඩත්වයෙන් අත් මුදවා ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා සාමය හා සහජීවනය පදනම් කර ගත් විවිධ වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක විය යුතුව ඇත.
  මේ අවශ්‍යතාවය මත පද්ධතියට එකිනෙකාගේ ජතික උත්සව අනෙක් ජාතින් සමග එක්ව සමරනු වස් ''ජාතික අනුකලන උත්සව '' හදුන්ව දී ඇත.

  •       හජ්ජි උත්සවය -  ජනවාරි
  •       සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය -  අප්‍රේල්
  •       වෙසක් උත්සවය - මැයි
  •       දීපවාලි උත්සවය -  නොවැම්බර්
  •        නත්තල් උත්සවය -   දෙසැම්බර්
මෙසේ ක්‍රියාත්මක වන සිංහල දෙමල අලුත් අවූරුදු උත්සවයක ක්‍රියාත්මක ස්වරූපය පහත පරිදි විය.












Saturday, November 4, 2017

සමාජ ඒකාබද්ධතාව සදහා කලාව

Art is long but life is short
“කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි”
- ට්‍රොට්‌ස්‌කි -

බහු සංස්කෘතික සමාජයක එකිනෙක අතර සංවාදයක් , අවබෝධයක් හික්මීමක් සඳහා කලාව කදිම තිරසාර මාධ්‍යයක් ...... මොකද; ජීවිතය කෙටියි, කලාව දීර්ඝයි.



"සැබෑ සාමය උදෙසා දරුවන්කෙරෙහි විශ්වාසය තබනවා මිස වැඩිහිටියන් විශ්වාස කිරීම මෝඩ කමකි. " 
 එච්. එම්.වසන්ත හේරත් 

ජාතික අනුකලනය තුළින් ජාතික ඒකාබද්ධතාවය


ජාතික ඒකාබද්ධතා වැඩසටහන

අන්නෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ගොඩනැඟීම මගින් පුලුල් සමාජ ඒකාබද්ධතාවයක් වර්ධනය කිරීමට අදහස් කරන වැඩසටහනකි

අරමුණු
යථාර්ථය කරා ගමන් කරන පරිපූර්ණ මානව වර්ගයා වෙත තම දරුවන්ගේ හැකියාවන් කරා ළඟා වීමට පාසල් දරුවන්ට උපකාර කිරීම.
ජීවන රටාව ගැන ස්වයං ඉගෙන ගැනීම සහ සන්තෘප්තියෙන් චර්යාත්මක රටාව සපුරා ගැනීම 
සාමුහික සංවර්ධනය, සාමූහිකව හා සහජීවනයෙන් ජීවත්වන ජනයා සඳහා අවශ්‍ය වන ආකල්ප වර්ධනය කිරීම සඳහා පාසැල් දරුවන්ට උපකාර කිරීම.
නොසැලෙන විශ්වාසයකින් යුතුව සිදු වන වෙනස්කම්වලට මුහුණදීමට හා අනුගත වීමට හැකියාවන් වර්ධනය කිරීමට පාසැල් දරුවන්ට උපකාර කිරීම.
ශිෂ්‍යයින්ගේ වගකීම්,  මානව අයිතිවාසිකම් හා ගරුත්වය ආදිය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන් වටා සිදුවන දේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම.
ජාතිය ගොඩනැගීම සම්බන්ධයෙන් ධනාත්මක ආකල්ප ඇතිව පාසල් දරුවන්ට පොහොසත් කිරීමට හා ජාතික උරුමයන් හා සංස්කෘතික වටිනාකම්වලට ගරු කිරීම සහ ජාතිය කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය වර්ධනය කර ගැනීම සඳහා උපකාර කිරීම.
විවිධත්වයේ ඉවසීම ප්‍රවර්ධනය කිරීම සහ විවිධත්වය අත්විඳීමේ අවස්ථාව ද සමාජ හා පාරිසරික සාමය ගොඩනැගීම දිරිගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
සාමය සහ ජාතික ඒකාග්‍රතාව පිළිබඳ තොරතුරු සහ සාම සාහිත්‍යය පිළිබඳ තොරතුරු පුළුල් කිරීම සහ සන්නිවේදන ජාලය පිළිබඳ ක්‍රියාකාරකම් පුළුල් කිරීම.





අන්තර් ආගමික ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය

අන්තර් ආගමික ශිෂ්‍ය සංසදය මගින් බහු ආගමික පසුබිම තුළ ජීවන කුසලතා වර්ධනය සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් දියත් කිරීමට අපේක්ෂා කරේ. ඒ තුළින්

1. පාසල් මට්ටමින් අන්තර් ආගමික අවබෝධය හා සංවේදීතාව ප්‍රවර්ධනය කිරීම .
2. පාසල් මට්ටමේ ව්‍යාපෘති දියත් කිරීම
3. ජාතික තලයේ සමගාමී වැඩ සටහන් සඳහා දායකත්වය සැපයීම.
4. උතුර හා නැගෙනහිර සහෝදර සිසුන් සමඟ දෙනුවර මිතුරෝ වැඩසටහන  ක්‍රියාත්මක   කිරීම
5. බහු ආගමික ප්‍රවේශය තුළින් දරුවන්ගේ නිර්මාණ හැකියා  වර්ධනය හා එළිදැක්වීම.

ආගම දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ශිෂ්ඨාචාරය හැඩගැස්වීමෙහිලා ඉවහල් වූ ඉතාම බලගතු සාධක අතුරින් එකක්වී ඇත. ඇත්ත වශයෙන්ම එය ප්‍රධාන මනුෂ්‍ය උද්වේගය වෙයි. මිනිසාගේ ඉතිහාසය වූ කලී  විවිධ නම්වලින් යුතු වූ ආගම පිළිබඳ කතන්දරයයි. අපේ මේ යුගය දක්වාම නොකඩවා වැජඹෙමින් පැවත ඇති හින්දු, යුදෙව්, සොරෝස්ත්‍රියානු , බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, බහායි යනාදි ශිෂ්ඨාචාර සියල්ලම එක් ආගමික ඇදහීමක් හෝ වෙනත් ආගමික ඇදහීමක් මත පදනම් වී ඇත. ඉතිහාසය මගින් අපට උගන්වන පාඩම නම්, මිනිසා වූ කලී අවශ්‍යයෙන්ම, ස්වාභාවයෙන්ම ආධ්‍යාත්මික සත්වයෙකු බවයි. එබැවින් මේ භවයේදීත්, මතුභවයේදීත් ජීවිතයේ අර්ථය කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ විමසුමට සතුටුදායක පිළිතුරු සැපයීම මඟින්, ඔහුගේ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරා ගනු නොලැබේ නම්, ජීවිතයේ ද්‍රව්‍යමය සැප සම්පත් ළඟා කරදීමේ  ප්‍රතිඥාව අතිශයින් ආකාර්ශණය වන යෝජනා ක්‍රමයක වුවද, මිනිසාගේ මු`එ හිතින් දෙන නොමඳ හා නිත්‍ය පක්‍ෂපාතිත්වය නොලැබෙනු ඇත.විශ්මය ජනක යන්ත්‍ර සූත්‍රවලින්ද  ක්ෂණික ලෝක ව්‍යාප්ත සන්නිවේදන මාර්ග වලින්ද යුතු අපගේ මේ වත්මන් යුගය. අපට වඩා හොඳ සැප පහසුකම් මෙන්ම අපගේ භෞතික පරිසරය වැඩි වැඩියෙන් පාලනය කිරීමේ හැකියාවද  සපයන නමුත් අපගේ අධ්‍යාත්මික සා පිපාසය සංසිඳුවාලීමට අසමත් වී ඇත. සැබෑ සාමය හා සංවරය පිහිටුවා ලීමට අසමත් වී ඇත. ඒ වෙනුවට එය එන්න එන්නම වැඩිවෙන අන්තර්ජාතික ව්‍යාකූලත්වය කරා අප කැඳවාගෙන යයි. ප්‍රචණ්ඩ ක්‍රියා හා ආරවුල් වලින් පිරි මේ යූගයේදී අපේ වයස හෝ සමාජ පන්තිය හෝ පසුබිම හෝ කුමක් වුවත්, ජීවදායී වටිනාකමින් යුතු පගේ පරමෝදාර කර්තව්‍ය වනුයේ , මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ අරමුණ - එනම් සියල්ල සඳහා වන සමානාත්මතාවය හා යුක්තිය මත පදනම් වූ මානව සංහතියේ සමගිය  - මුදුන්පත් කර ගැනීම සඳහා වන අරගලයට සහභාගී වීමයි.හුදෙක් අප භේද කරවන සාධක සියල්ල තුරන් කරලීමෙන් පමණක් , මානව වර්ගයාගේ සමගිය මුදුන් පත් නොවනු ඇත. මක් නිසාද යත්, එහි ප්‍රතිඵලය වශයෙන් සිදුවන්නේ . ඇදහීම අතින් හිස් බවක් බිහිවීම පමණක් වන බැවිනි. නිවැරදි ප්‍රවේශය - ගමන් මාර්ගය - සඳහා දෙවැදෑරුම් ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි. එකක් නම්. වර්ණය, ජාතිය, කුලය, පංතිය හෝ ආගම නොතකා, මිනිසුන් අතර බැඳීමක් ඇති කරවන සියලු අධ්‍යාත්මික හා සමාජමය සාධක ශක්තිමත් කිරීමයි. අනික නම්, එක් මිනිසකු හමුවේ අමුත්තකු, පිටස්තරයකු  බවට පත් කිරීම කරා තුඩුදෙන බෙදීම් හා අසත්‍යයන් පහකිරීම් වස්, අපගේ දෛනික ජීවීතයේ මේ පිළිගැනීම ජංගමශීලී ලෙස ක්‍රියාත්මක වීමයි. ආගම වූ කලී, විභව වශයෙන් ශක්‍යතාව අතින්, යහපත සඳහා වන ඉතාම ශක්තිමත් බලවේගයයි. එහෙත් ඛේදයකි, ලෞකික  දේවල් සොයා යෑමේදී ආගමික නායකයින් විසින් කර ඇති ප්‍රතිපත්ති පාවාදීම් කරණ කොට ගෙන හැම ආගමකම අරටුව වූ අධ්‍යාත්මික හරය, සමහර විට ආගම් කෙරෙන් දුරුවී ඇත. ඔවුහූ අපට බාහිර ආයිත්තම් හා තේරුමක් නැති  පූජා චාරිත්‍ර විධි ඉදිරිපත් කරති. ඔවුනොවුන් ඇතුළතින් භේද භින්න වී සිටිති. එබඳු ආගම් කාටත් අමතක වී අභාවයට යෑමේ අනතුරට මුහුණ පා ඇත. මක් නිසාද යත් මිනිස් සංහතියේ අනාගත පරපුර වන තරුණ ජනයා එබඳු ආගම් ගැන තරයේ කළකිරී, ඒවා එපාවී සිටින බැවිනි.
එබැවිනක් එක් අතකින් මනුෂ්‍ය වර්ගයා ගොදුරු වී සිටින ආපදාවට පිළියම් කොට එය යළිත් චිරත්කාලීන සෞඛ්‍ය සම්පන්න  තත්වයකට පත් කළ හැකි වන්නේ ආගමට පමණක් වන අතර අනිත් අතින් මේ කාර්යය මුදුන් පත්කරගනු වස් ආගමද , දැනට එය පතිත වී ඇති අඥානකමේ , අගතියේ , අවිද්‍යාවේ හා අන්ධ විශ්වාසයේ ගොහොරුවෙන් ගොඩගෙන , එය මුල් පාරිශුද්ධ තත්වය වෙත, යලි නගා ලිය යුතුය. ආගමට යළිත් වරක් මනුෂ්‍ය උත්කෘෂ්ඨතාවයේ   මාධ්‍ය බවට පත්වීමේ පු`එවන් කම ලබාදීමට නම් මනුෂ්‍ය තත්වය නඟා සිටුවීම පතන හැම අව්‍යාජ මානව ප්‍රේමීයෙකුගේම නොපසු බට, වෙහෙස නොබලන උත්සහය අවශ්‍යවෙයි. හැම ආගමකම එහි ආදී කතෘ විසින් විස්තර කොට පැහැදිලි කොට දක්වන ලද පරිද්දෙන් වන අධ්‍යාත්මික හරය සොයා ගැනීම ද ඉන් පසු මානව වර්ගයා භේද භින්න කොට , හිරකොට තබා ගන්නා මහේච්ඡාවේ හා අන්ධකාරයේ බලවේග සියල්ලට  විරුද්ධව ආගම්වල ඒකත්වය පිළිබඳ මේ ශ්‍රේෂ්ඨ සත්‍ය වෙනුවෙන් සටන් කිරීම ද අවශ්‍ය වෙයි. මක් නිසාද යත් මනුෂ්‍ය සංහතියේ ඒකත්වය ඇතිවිය හැක්කේ එය අපගේ ඉතාම ශුද්ධ ඇදහීම් සියල්ලේ එනම් අපගේ ආගම්වල ඒකත්වය මත පදනම් වන්නේ නම් පමණක් වන බැවිනි.





අන්තර් ආගමික වැඩසටහන් බහු සංස්කෘතික අධ්‍යාපන උපාය මාර්ගයක්

හැම ආගමකම සමානතා, පොදු අරමුණ හා ඒ සියල්ලේ අන්තර්ගත පොදු විනය පද්ධතිය යන දෘෂ්ටින්ගෙන් ආගම් පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයන් සිදු කිරීම මෙමගින් සිදුකරයි. විවිධ ආගම්වල දේශිත සිය`එ මං වැටී ඇත්තේ එකම අරමුණක් කරාය. ඒ බව සියලු ආගම්වලට පොදු වූ  ධර්ම නියමයන් මගින් පැහැදිලිවේ.
බෞද්ධ ඃ
ඔබට රිදෙන යම් විදියක් වෙයිද, සෙස්සන්ටද එවැන්නකින් නොරිදවන්න.
                                               උදාන වග්ග 5 -18

හින්දු ඃ
ධර්මයෙහි හරය නම් යම් කිසිවක් ඔබට වේදනා ගෙන දෙන්නේද එවැන්නක්
සෙස්සන්හටද නොකරන්න.
                                               මහා භාරත 5 , 1517

ක්‍රිස්තියානි ඃ
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරන්නට නුඹලා කැමතිද නුඹලාත්
එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
                                                මතෙව් 7 - 12

ඉස්ලාම්ඃ
සජීවී සියල්ලන් හටම කරුණාවන්ත වන්න. එවිට දෙවියන් වහන්සේත් ඔබට
කරුණාව දක්වන සේක. මනුෂ්‍යයන්ට කරුණාවන්ත නොවන තැනැත්තාට
දෙවියන් වහන්සේ කිසිවිටකත් කරුණාව නොදක්වන සේක.
                                          නබීතුමා