Saturday, November 4, 2017

බහු සංස්කෘතික අධ්‍යාපනය

ඉංග්‍රීසී  භාෂාවේ “culture”  නැමති වදනට සමරූපීව සිංහල භාෂාවේ සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත. මිනිස්  චර් යාව තුළ ඇති වාචික හා අවාචික නිෂ්පාදන ඇතුළත් භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදුවේ සංස්කෘතියයි. එසේම
·         උසස් සංස්කෘතිය
·         පහත් සංස්කෘතිය  ලෙසද
·         ශිෂ්ට සංස්කෘතිය
·         අශිෂ්ට සංස්කෘතිය ලෙසද
බෙදීමක් ඇත. මානව විද්‍යාත්මක අර් ථයෙන් බලන කල සංස්කෘතිය යනු මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට අදාල වේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි ආයුධ, ඇදුම්, පැළදුම් , සිරිත්  වි රිත් , යනාදිය සියල්ලම සංස්කෘතියට අයත් වේ. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන දෙයකි.

1861 දී මුලින්ම සංස්කෘතිය නිර් වචනය කොට ඇත්තේ ප්‍රාථමික සංස්කෘතිය නමින් ලියූ බ්‍රිතාන්‍ය මානව විදයාඥ  ඊ. බි. ටයිලර්ය. ( E.B Tylor ) ඔහුට අනුව සමාජයේ සාමාජිකයෙක්වශයෙන් මිනිසා අගය කරන්නා වූත් , පරිණත වූත් දැනුම, විශ්වාස, කලා, සදාචාර ධර් මයන් නීතිය සිරිත් විරිත් හා අනෙකුත් සියළුම හැකියාවන් වල සංකීර්ණ  සමස්තය සංස්කෘතියයි.

පසුකාලීනව සමාජ හා මානව විදයාඥයින් විසින් මෙයට වෙනස් අංග ඇතුළත් කොට ඇත. මැලිනොවූස්කි ප්‍රකාශ කළ පරිදි  සංස්කෘතිය ශීල්පීය ක්‍රම භාන්ඩ තාක්‌ෂණික  ක්‍රියාකාරකම්  අදහස් පුරුදු සහ ඇගයිම් වලින් සංයුක්තව ඇති බව කියයි
සංස්කෘතිය පිළිබඳව ව්‍යවහාරය 19 වන සියවසේ මානව  විදයාඥයින් උපයෝගී කර ගත්තත් එය සමාජ ශාස්ත්‍ර වල ප්‍රබල බැලපෑමක් බවට පත් වූයේ 20 වන සියවසේදීය (Good Enough) ගුඩ් ඉනෆ්  නම් මානව විදයාඥයා’ සංස්කෘතිය වෙනත් අර් ථ 02 කින් හඳුනා ගෙන ඇත ඉන්  හඳුුන්  වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි

සංස්කෘතිය යන්න තව දුරටත් විග්‍රහ කිරිමේ දී බහු සංස්කෘතිය යන්න වර් තමානයේ ලොව සියළු දෙනාගේම අවධානයට ලක් වූ සංකල්පයකි ශ්‍රි ලාංකික සමාජය සංස්කෘතික බහුවිධතාවයකින් යුක්ත  වූවකි
o   සිංහල
o   ද්‍රවිඩ
o   මුස්ලිම්
o   මැලේ
o   බර්ර්ග
යනාදී වෙනත් වශයෙන් විවිධ ජන වර් ග ශ්‍රි ලංකාව වාස භූමීය කොටගෙන ජීවත් වෙති විවිධ භාෂා කථා කරන විවිධ ආගම් අදහන මෙම පිරිස් එකිනෙකට  වෙ නස් සංස්කෘතිකාංග වලට උරුමකම් කියති. සංඛයාත්මක වශයෙන් සළකන විට බහුතරය   සිංහල වන අතර සෙසු ජන වර්  ග ද රටේ සියළුම පළාත් වල වයාප්ථව ඇත . ශ්‍රි ලාංකික සමාජයේ   දක්‌නට ලබෙන සංස්කෘතික බහුවිධතාව ඈත   අතීතයේ සිටම සමාජය පෝෂණය   කිරීමට දායක වී ඇති බැවින් මෙම විවිධත්වය නොසළකා හැරිය නොහැක
             බහු සංස්කෘතිය යනු “සමාජයක ජීවත් වන පුද්ගලයින්ගේ භාෂාව ඇඳුම් පැළඳුම් ආහාර පාන කලා ශිල්ප සාහිත්‍යය අධයාපනය නීතීය සිරිත් විරිත් හා ගුණ ධර් ම විශ්වාස හා ඇදහිලි ආදී සියළුම අංගයන්ය”
සංස්කෘතිය හෝ සභයත්වය යනු දැනුම ඇදහිලි කලා නීතී සදාචාර සිරිත් විරිත් හා මිනිසා  
සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගන්නා වූ පුරුදූ ඇබ්බැහිකම් හා හැකියාවන් අඩංගු සංකීර් න සමුදායයි
  

   
ජාතික ආර් ථිකයට ජාතික දේශපාලනයට මෙන්ම රාජ්‍ය පරිපාලනයට ද සියළු ජන වර් ග එක සේ දායක වන බැවින් සංස්කෘතික බහුවිධතාව අගය කළ යුතුය. මෙම තත්වය යටතේ තමන් කැමති ආගමක් ඇදහීමට භාෂාවක් කථා කිරීමට විශ්වාසයක් දැරීමට හුදකලාව හෝ අන් අය සමග සංස්කෘතිය භුක්ති විඳීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ ප්‍රස්තාව සළසා ඇත.
බහු සංස්කෘතික අධයාපනය තුලින් සංස්කෘතික විවිධත්වය යටතේ ජාතික එක්සත් බව ගොඩ නැගීම
ශ්‍රි ලාංකික සමාජයේ කාලීන අවශයතාවකි. අධයාපනය තුළින් තම සංස්කෘතිය අගය කරමින් අන්‍ය සංස්කෘතීන්ට  ද ගෞරව කිරීම සහ යහපත් ආකල්ප වර් ධනය කර ගැනීම තුළින් සමබර පෞරුෂයක් සහිත ශ්‍රි ලාංකික දරු පිරිසක් සමාජයට දායාද කිරීමය.
සංකේතානුසාරයෙන්  සාමාජීයීය ලෙස             හිමි කර ගන්නා වූ ද පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්නා වූ ද සියළුම චර් යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය යනුවෙනි. ( චාල්ස් ඒ එල්වුඩ් නම් සමාජ විදයාඥයා විසින් 1944 දී සමාජ විද්‍යා ශබ්ද කෝෂයට ඉදිරිපත් කර තිබූ නිර් වචනය)
සංස්කෘතියක ඇති ප්‍රධාන ලක්ෂණ
·         භාෂාව
·         ආගම
·         ඇදහිලි හා විශ්වාස
·         රැකියා
·         කලා ශිල්ප
·         ඇදුම් පැළදුම්
·         ආචාර සමාචාර විධි
·         විවාහ, ආවාහ
·         කර් මාන්ත
·         චින්තන ක්‍රම
·         ජීවන පිළිවෙත්
·         සිරිත් විරිත්
·         සාම්ප්‍රදායයන්
·         හාර පාන
මේ අනුව සමාජයේ පවතින බහුවිධතාවයට ආමන්ත්‍රණය වන පරිදි අධයාපනය සකස් කිරීම බහුවිධ අධයාපානයේ මූලික අරමුණ වේ. වර් තමාන  ශ්‍රි ලාංකික සමාජයේ බහුවිධතාවයට පූර් න අවධානය යොමු කරමින් අද්‍යාපනය සකස් කොට ඇත.

ශ්‍රී ලංකාවෙ අධ්‍යාපන ප්‍රතිපත්ති තුලින්ම බහු සංස්කෘතික අධ්යාපනය කෙරෙහි දක්වා ඇති අවධානය පහත සදහන් අධ්‍යාපන ප්‍රතිපත්ති තුලින්ම අවධාරණය කොට ඇත.

v  සමාජ ඒකාග්‍රතාවය හා සාම අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තිය
මෙම ජාතික ප්‍රතිපත්තිය හා සවිස්තරාත්මක රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්  2008 දී අනුමත කරන ලදී.
v  1997 දී යෝජනා කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
මෙමගින් මානව සාර ධර්ම , මානව අයිතිවාසිකම්, ජාතික ඒකාග්‍රතාවය, ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම, ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් හා භාෂාත්‍රයේම පරිසරය හා භාෂාමය නිපුණතාවයන් සම්බන්ධයෙන් පූර්ව සේවා හා සේවාස්ථ අධ්‍යාපනය අවධාරණය කර ඇත. සහකම්පනාත්මකව සවන්දීම, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය, දරුවන්ගේ ආත්ම අභිමානය නැංවීම සහ භූමිකා රංගනය මගින් ගැටුම් නිරාකරණය යන මාතෘකා පිළිබඳ නිපුණතා වර්  ධනය  ගුරුවරු විසින් ලබා ගනු ඇතයි අපේක්‍ෂා කර ඇත. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ( 2003 ) පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සඳහා වූ යෝජනා වල

01. ජාතික ඒකාග්‍රතාවය, ජාතික සාමෝධානය, ජාතික එක්සත්භාවය, සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම හා
       මානව ගරුත්වයට බුහුමන් දැක්වීමේ සංකල්පය තුළ ශ්‍රි ලංකාවේ බහුවිධ සමාජය තුළ සංස්කෘතික                   විවිධත්වය හඳුනාගනිමින් හා දේශය ගොඩනැංවීමෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ස්ථාපිත කිරීම
02.  මානව අයිතිවාසිකම්වලට ගරුබුහුමන් දැක්වීම ප්‍රවර්ධනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය සහ සමාජ    සාධරණත්වයේ ප්‍රතිමාන වලින් යුක්ත වූ පරිසරයක් නිර්මාණය කිරීම හා අනුග්‍රහය දැක්වීම

ආගම් අනුව විවිධත්වය 
o   බෞද්ධ   
o   හිංදු
o   ඉස්ලාම්
o   ක්‍රිස්තියානි
විවිධ ආගම් හා ජන වර් ග අනුව  ආවේනික උත්සව
                                      
o   බෞද්ධ ආගම් අනුව
·         වෙසක් උත්සවය
·         පෝසොන් උත්සවය
·         පුර පසළොස්වක පොහොය
·         මාසිකව යෙදෙන පෝ දිනයන්

o   හිංදු ආගම් අනුව
·         තයි පොන්ගල් උත්සවය
·         මහාශිව රාත්‍රී උත්සවය
·         දීපවාලි උත්සවය
o   ඉස්ලාම් ආගම් අනුව
·         හජ්ජී උත්සවය
·         නබිතුමාගේ උපන්දිනය
·         රාමසාන් උත්සවය
o   ක්‍රිස්තියානි ආගම් අනුව
·         නත්තල් උත්සවය
·         මහ සිකුරාදා
·         පාස්කු ඉරිදා

ශ්‍රි ලංකාවේ  බහුවිධ අධ්‍යාපනය යන්නට තවත් නිර්වචනයක් ලෙස සිසුන්ගේ වේගයෙන් වෙනස්වන ජනගහණ විද්‍යාව මගින් නිර්මාණය වූ විවිධ ගැටළු ප්‍රතිචාර දැක්වීමේදි ගුරුවරුන්ට උපකාර කිරීම සදහා සකස් කළ අධ්‍යාපනික ක්‍රමෝපයන් සහ ද්‍රව්‍යන්ය . විවිධ ජන කාණ්ඩ වල ඉතිහාසය , සංස්කෘතීන් හා දායකත්වය පිළිබඳව සිසුන්ට දැණුම ලබාදේ. අනාගත සමාජයේ බහුත්වවාදී බව උපකල්පනය කරේ ජනවාර්ගික අධ්‍යාපනය හා කාන්තා අධ්‍යාපනය ඇතුළුව විවිධ ශේත්‍ර ගණනාවකින් එය අවබෝධය මත පදනම්ව ඇති නමුත් අදාළ අධයයන විෂයන්ගෙන් අන්තර්ගතයෙන් නැවත අර්ථ කථනය කරයි.
ශ්‍රි ලාංකික පාසල් පද්ධතිය තුළ සිංහල, දෙමළ,මුස්ලිම් යනාදී  විවිධත්වයෙන් යුත් සිසු පිරිසකට එකම පාසල තුළ අධ්‍යාපන සිදු කිරීම
·         උදාහරණ ශාන්ත අන්තෝනි බාලිකා හා බාලක විදයාලයන්
·         Good shaped convent , Trinity college,  kings wood college වැනි පාසල්
මෙමගින් සියළුම ජාතීන්ට අයත් උත්සව පාසල තුළදී සංවිධානය කොට ඇත . පාසල ආරම්භය හා අවසානය තුළදී සිදු කරන ආගමික කටයුතු භාෂා තුනෙන්ම සිදු කිරීම, අධ්‍යාපන කටයුතු සහයෝයෙන් කිරීම,ක්‍රිඩා උත්සව සිදු කිරීම, පාසලේ එදිනෙදා තොරතුරු භාෂා තුනෙන්ම දැනුම් දීම , බොෟද්ධ ආගමික උත්සව වලට දෙමළ සිසුන් හා දෙමළ සිසුන් බොෟද්ධ ආගමික උත්සව වලටද සහයෝගය දැක්වේ.
·         පාසල තුළදී  වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධයාපන චාරිකා වලදී සිංහල ජාතික සිසුන්  කතරගම, යාපනය, වැනි ස්ථාන වල පිහිටි ආගමික ස්ථාන නැරඹීම
·          දෙමළ ජාතීක  සිසුන් දළදා මාළිගාව, අනුරාධපුර, පොළොන්නරුව හා අග නගරය   නැරඹීම

·         වවුනියාව, මඩකලපුව, නුවරඑළිය, යාපනය  වැනි දුෂ්කර ප්‍රදේශ වල සිසුන් හට ශිෂයත්වය
වය හා විශ්ව විදයාල වලට ඇතුළු වීමේදී අවම ලකුණු සළකා බැලීම

·         සියළුම ජාතීන්ට අයත් උත්සව පොදුවේ රජයේ නිවාඩු ලබාදීම
·         මුස්ලිම් ජාතික සිසූන්ට සිකුරාදාට පාසලේ වරු නිවාඩු ලබාදීම

මේ අනුව ශ්‍රී  ලංකාවෙ පාසල් තුළ බහු සංස්කෘතික අධ්යාපනය රාජ්‍ය අනුග්‍රහය යටතේ  බොහෝ යෝජනාවන්  ක්‍රියාත්මක වන බව කිව හැකිය. ගුරුවරුන් ලෙස අප විසින්ද සෑම මානව කණ්ඩායමකටම ගරු කරන සහජීවනය ඇති කරලන ශිෂ්‍යයන් ලොවට දායාද කරලීමට උත්සුක වීම හරහා බහු තුළ සංස්කෘතික    විවිධත්වය සුරක්ෂිත කරලීමට දායක විය හැකිය 

No comments:

Post a Comment