Saturday, November 4, 2017

අන්තර් ආගමික ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය

අන්තර් ආගමික ශිෂ්‍ය සංසදය මගින් බහු ආගමික පසුබිම තුළ ජීවන කුසලතා වර්ධනය සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් දියත් කිරීමට අපේක්ෂා කරේ. ඒ තුළින්

1. පාසල් මට්ටමින් අන්තර් ආගමික අවබෝධය හා සංවේදීතාව ප්‍රවර්ධනය කිරීම .
2. පාසල් මට්ටමේ ව්‍යාපෘති දියත් කිරීම
3. ජාතික තලයේ සමගාමී වැඩ සටහන් සඳහා දායකත්වය සැපයීම.
4. උතුර හා නැගෙනහිර සහෝදර සිසුන් සමඟ දෙනුවර මිතුරෝ වැඩසටහන  ක්‍රියාත්මක   කිරීම
5. බහු ආගමික ප්‍රවේශය තුළින් දරුවන්ගේ නිර්මාණ හැකියා  වර්ධනය හා එළිදැක්වීම.

ආගම දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ශිෂ්ඨාචාරය හැඩගැස්වීමෙහිලා ඉවහල් වූ ඉතාම බලගතු සාධක අතුරින් එකක්වී ඇත. ඇත්ත වශයෙන්ම එය ප්‍රධාන මනුෂ්‍ය උද්වේගය වෙයි. මිනිසාගේ ඉතිහාසය වූ කලී  විවිධ නම්වලින් යුතු වූ ආගම පිළිබඳ කතන්දරයයි. අපේ මේ යුගය දක්වාම නොකඩවා වැජඹෙමින් පැවත ඇති හින්දු, යුදෙව්, සොරෝස්ත්‍රියානු , බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, බහායි යනාදි ශිෂ්ඨාචාර සියල්ලම එක් ආගමික ඇදහීමක් හෝ වෙනත් ආගමික ඇදහීමක් මත පදනම් වී ඇත. ඉතිහාසය මගින් අපට උගන්වන පාඩම නම්, මිනිසා වූ කලී අවශ්‍යයෙන්ම, ස්වාභාවයෙන්ම ආධ්‍යාත්මික සත්වයෙකු බවයි. එබැවින් මේ භවයේදීත්, මතුභවයේදීත් ජීවිතයේ අර්ථය කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ විමසුමට සතුටුදායක පිළිතුරු සැපයීම මඟින්, ඔහුගේ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරා ගනු නොලැබේ නම්, ජීවිතයේ ද්‍රව්‍යමය සැප සම්පත් ළඟා කරදීමේ  ප්‍රතිඥාව අතිශයින් ආකාර්ශණය වන යෝජනා ක්‍රමයක වුවද, මිනිසාගේ මු`එ හිතින් දෙන නොමඳ හා නිත්‍ය පක්‍ෂපාතිත්වය නොලැබෙනු ඇත.විශ්මය ජනක යන්ත්‍ර සූත්‍රවලින්ද  ක්ෂණික ලෝක ව්‍යාප්ත සන්නිවේදන මාර්ග වලින්ද යුතු අපගේ මේ වත්මන් යුගය. අපට වඩා හොඳ සැප පහසුකම් මෙන්ම අපගේ භෞතික පරිසරය වැඩි වැඩියෙන් පාලනය කිරීමේ හැකියාවද  සපයන නමුත් අපගේ අධ්‍යාත්මික සා පිපාසය සංසිඳුවාලීමට අසමත් වී ඇත. සැබෑ සාමය හා සංවරය පිහිටුවා ලීමට අසමත් වී ඇත. ඒ වෙනුවට එය එන්න එන්නම වැඩිවෙන අන්තර්ජාතික ව්‍යාකූලත්වය කරා අප කැඳවාගෙන යයි. ප්‍රචණ්ඩ ක්‍රියා හා ආරවුල් වලින් පිරි මේ යූගයේදී අපේ වයස හෝ සමාජ පන්තිය හෝ පසුබිම හෝ කුමක් වුවත්, ජීවදායී වටිනාකමින් යුතු පගේ පරමෝදාර කර්තව්‍ය වනුයේ , මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ අරමුණ - එනම් සියල්ල සඳහා වන සමානාත්මතාවය හා යුක්තිය මත පදනම් වූ මානව සංහතියේ සමගිය  - මුදුන්පත් කර ගැනීම සඳහා වන අරගලයට සහභාගී වීමයි.හුදෙක් අප භේද කරවන සාධක සියල්ල තුරන් කරලීමෙන් පමණක් , මානව වර්ගයාගේ සමගිය මුදුන් පත් නොවනු ඇත. මක් නිසාද යත්, එහි ප්‍රතිඵලය වශයෙන් සිදුවන්නේ . ඇදහීම අතින් හිස් බවක් බිහිවීම පමණක් වන බැවිනි. නිවැරදි ප්‍රවේශය - ගමන් මාර්ගය - සඳහා දෙවැදෑරුම් ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි. එකක් නම්. වර්ණය, ජාතිය, කුලය, පංතිය හෝ ආගම නොතකා, මිනිසුන් අතර බැඳීමක් ඇති කරවන සියලු අධ්‍යාත්මික හා සමාජමය සාධක ශක්තිමත් කිරීමයි. අනික නම්, එක් මිනිසකු හමුවේ අමුත්තකු, පිටස්තරයකු  බවට පත් කිරීම කරා තුඩුදෙන බෙදීම් හා අසත්‍යයන් පහකිරීම් වස්, අපගේ දෛනික ජීවීතයේ මේ පිළිගැනීම ජංගමශීලී ලෙස ක්‍රියාත්මක වීමයි. ආගම වූ කලී, විභව වශයෙන් ශක්‍යතාව අතින්, යහපත සඳහා වන ඉතාම ශක්තිමත් බලවේගයයි. එහෙත් ඛේදයකි, ලෞකික  දේවල් සොයා යෑමේදී ආගමික නායකයින් විසින් කර ඇති ප්‍රතිපත්ති පාවාදීම් කරණ කොට ගෙන හැම ආගමකම අරටුව වූ අධ්‍යාත්මික හරය, සමහර විට ආගම් කෙරෙන් දුරුවී ඇත. ඔවුහූ අපට බාහිර ආයිත්තම් හා තේරුමක් නැති  පූජා චාරිත්‍ර විධි ඉදිරිපත් කරති. ඔවුනොවුන් ඇතුළතින් භේද භින්න වී සිටිති. එබඳු ආගම් කාටත් අමතක වී අභාවයට යෑමේ අනතුරට මුහුණ පා ඇත. මක් නිසාද යත් මිනිස් සංහතියේ අනාගත පරපුර වන තරුණ ජනයා එබඳු ආගම් ගැන තරයේ කළකිරී, ඒවා එපාවී සිටින බැවිනි.
එබැවිනක් එක් අතකින් මනුෂ්‍ය වර්ගයා ගොදුරු වී සිටින ආපදාවට පිළියම් කොට එය යළිත් චිරත්කාලීන සෞඛ්‍ය සම්පන්න  තත්වයකට පත් කළ හැකි වන්නේ ආගමට පමණක් වන අතර අනිත් අතින් මේ කාර්යය මුදුන් පත්කරගනු වස් ආගමද , දැනට එය පතිත වී ඇති අඥානකමේ , අගතියේ , අවිද්‍යාවේ හා අන්ධ විශ්වාසයේ ගොහොරුවෙන් ගොඩගෙන , එය මුල් පාරිශුද්ධ තත්වය වෙත, යලි නගා ලිය යුතුය. ආගමට යළිත් වරක් මනුෂ්‍ය උත්කෘෂ්ඨතාවයේ   මාධ්‍ය බවට පත්වීමේ පු`එවන් කම ලබාදීමට නම් මනුෂ්‍ය තත්වය නඟා සිටුවීම පතන හැම අව්‍යාජ මානව ප්‍රේමීයෙකුගේම නොපසු බට, වෙහෙස නොබලන උත්සහය අවශ්‍යවෙයි. හැම ආගමකම එහි ආදී කතෘ විසින් විස්තර කොට පැහැදිලි කොට දක්වන ලද පරිද්දෙන් වන අධ්‍යාත්මික හරය සොයා ගැනීම ද ඉන් පසු මානව වර්ගයා භේද භින්න කොට , හිරකොට තබා ගන්නා මහේච්ඡාවේ හා අන්ධකාරයේ බලවේග සියල්ලට  විරුද්ධව ආගම්වල ඒකත්වය පිළිබඳ මේ ශ්‍රේෂ්ඨ සත්‍ය වෙනුවෙන් සටන් කිරීම ද අවශ්‍ය වෙයි. මක් නිසාද යත් මනුෂ්‍ය සංහතියේ ඒකත්වය ඇතිවිය හැක්කේ එය අපගේ ඉතාම ශුද්ධ ඇදහීම් සියල්ලේ එනම් අපගේ ආගම්වල ඒකත්වය මත පදනම් වන්නේ නම් පමණක් වන බැවිනි.


No comments:

Post a Comment