Saturday, November 4, 2017

ශ්‍රී ලංකාවෙි පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රීයාත්මක වන ආකාරය (මප/තෙල්/දුන්හින්න ද්විතියික පාස‍ලේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයය ඇසුරින්)

ශ්‍රී ලංකාවෙි පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රීයාත්මක වන ආකාරය (මප/තෙල්/දුන්හින්න ද්විතියික පාස‍ලේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයය ඇසුරින්)
ගෘහ ආර්ථික විද්‍යාව විෂයය යනු ජීවිතයේ සෑම අවස්ථාවකම ජීවිතයට වඩාත් සම්බන්ධ වන න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇතුළත්වන සේ සකස් කළ විෂයකි.ආහාර හා පෝෂණය ගෘහ පාලනය ළමා සංවර්ධනය හා රෙදිපිළි වශයෙන් ක්ෂේත්ර 4ක් යටතේ එදිනෙදා ජීවිතයේ සෑම අවස්ථාවකම අපගේ ජීවිතයට බද්ධ වන මාතෘකා වශයෙන් ගොනු කොට හැදෑරීමට අවස්ථාව සැලසෙන මාහැගි විෂයකි. මෙහිදී ආහාර හා පෝෂණය යන ක්ෂේත්‍රය යටතේ "විවිධ අවස්ථා හා අවශ්‍යතා සදහා ආහාර වේල් පිළියෙල කිරීම් හා පිළිගැන්වීම" යන නිපුණතාවය සුවිශේෂී ලෙස සැලකිය හැකිය.සිසුන් තුළ ඇති න්‍යායාත්මක දැනුම මෙන්ම ආහාර වර්ග උත්සව අවස්ථාවල සංග්‍රහ කිරීමට සකසන විශේෂ ආහාර සහ ඒවා පිළියෙල කරන ආකාරය හා පිසීමේ ක්‍රම මෙන්ම ඊට අයත් සුවිශේෂි සංස්කෘතික අංග එහිදී භාවිත කරන උපකරන හා මෙවලම් පිළිබදව ප්‍රයෝගික කුසලතා අත්පත් කර ගැනීමට ලැබෙන අවස්ථාවක් ලසෙ මෙම නිපුණතාව වැදගත් වෙි.මෙම විෂය තුළින් බහු සංස්කෘතික අධ්‍යාපනයට අවස්ථාව හා ඉඩ සැලසේ.විවිධ සංස්කෘතික උත්සව සදහා ආහාර වෙිල් පිළියෙල කිරීම් හා පිළිගැන්වීම යටතේ සිංහල දෙමළ මුස්ලිම් යන විවිධ ජාතීන්ගේ සංස්කෘතික උත්සව ආහාර පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරේ.ජාතීන් අතර සහයෝගීතාවය සහ ජාතික ඒකාග්‍රතාවය තදින්ම අවශ්‍ය වන මෙවන් වකවානුවක මා සේවය කරන පාසලේ සිසුවියන් සදහා එම ඉගෙනුම් අත්දැකිම ලබා දිම සදහා ප්‍රයෝගික ශිෂ්‍ය වැඩමුලුවක් සදහා එම විෂය උගන්වන මුස්ලිම් හා ද්‍රවිඩ ජාතික ගුරැ මහත්මීන් දෙදෙනෙකු සම්බන්ධ කරගෙන සිසුන්ට අලුත් ඉගෙනුම් අත්දැකීමක් හා එම සංස්කෘතික අංග එෟ ආකාරයෙන්ම අක්දකින්නට අවස්ථාව ලබාදෙන්නට හැකිවිය. එයින් සැබවින්ම සිදු වූයේ සංස්කෘතීන් තුනකට අයත් සිසුන් හා ගුරැ මහත්මීෘන් අතර සංස්කෘතික හුවමාරැවකි.
 පහත දැක්වෙන්නේ එම අවසථාවන්ගෙ ඡායාරෑප කිහිපයකි.
 

No comments:

Post a Comment