බහු සංස්කෘතින් අගයන විශ්වීය
දරැවකු බිහි කිරීමට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය
ශක්තිමත් කරමු
“සංස්කෘතීන් කිහිපයක් එකතුවීමෙන් බහු සංස්කෘතික ජන
සමාජයක් නිර්මාණය වේ”
එසේ නම්,
සංස්කෘතිය යනු කුමක් ද
ජන සමාජය යනු කුමක් ද
සංස්කෘතිය යනු :-
“දැනුම, ඇදහිලි, කලා,
නීති, සිරිත් විරිත්, ඇගයීම් හා මිනිසා විසින් සමාජයේ ජීවත් වන පුද්ගලයකු වශයෙන්
ලබා ගන්නා වූ පුරුදු, ඇබ්බැහිකම් හා හැකියවන්ගේ සමස්තය සංස්කෘතියයි”
“ සංකේතානුසාරයෙන්
සමාජීය ලෙස හිමිකොට ගන්නා වු ද පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්නා වු ද සියලුම
චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතියයි”
-චාර්ල්ස්. ඒ. ඒලිවුඩ්-
“ඇදහිලි, චින්තන ක්‍රම,
ව්‍යවහාරික කලා, ජීවන පිළිවෙත්, සිරිත්
විරිත්, සම්ප්‍රදායයන් හා සමාජීය වශයෙන් “සම්මත කර ගත් ක්‍රියා කිරීම් විධි”
සංස්කෘතියයි”
-ඊ.ටී.හීලර්-
ජන සමාජය යනු :-
මිනිසාගේ
ජීවිතය පවත්වාගෙන යාමේදී හෝ හැඩ ගැසීමේදී හිතකර හෝ අහිතකර අයුරින් බලපෑම් කරන සහ
දායක වන පුද්ගලයන් සියලු දෙනාම අයත් මානව කණ්ඩායම ජන සමාජය වේ.
ඒ අනුව
ජන සමාජය තුළ සම්මත කර ගත් ක්‍රියා කිරීමේ විධි සංස්කෘතිය ලෙස අර්ථකථනය කළ හැකිය.
සංස්කෘතිය
යනු ජන සමාජයේ දක්නට ලැබෙන සියලුම ලක්ෂණ මෙහෙයවනු ලබන බලවේගයන් වේ.
එම බලවේග
නම්
ආගම ඇදහිලි භාවිත උපකරණ
භාෂාව සිරිති විරිත් ඇසුරැ කරන මිතුරන්
දැනුම ආචාරධර්ම අධ්‍යාපනය
ඇදුම් පැලදුම් ඇගයීම් දේශපාලනය
ආහාර පාන පවුල් පසුබිම තාක්ෂණය
කලාව ආර්ථික පසුබිම ජීවත්වන ප්‍රදේශය
නීති රිති විශ්වාස යටිතල පහසුකම්
ඉහත බලවේගයන්හි
ඒකාබද්ධතාවය මත සංස්කෘතිය බිහිවේ. මෙම සාධක රටෙන් රටටත්, ප්‍රදේශයෙන ප්‍රදේශයටත්,
වෙනස් වේ.
ලෝකයේ බොහෝ රටවල විවිධ
ජනවර්ගයන් වෙසෙති. ඒ අනුව ඉහත අප හදුනාගත් සංස්කෘතීන් එක් එක් ජන වර්ගයට අවේනික
වේ.
ඒ අනුව ජන වර්ගය ආගම්,
සිරිත් විරිත්, භාෂාව ආදී ලක්ෂණවල සම නොවන සංයුතියකින් යුක්ත ජනගහනය ඇති සමාජ
බහුවිධ සමාජ ලෙස හදුන්වන අතර එම සමාජ විවිධ සංස්කෘතීන් වලින් පෝෂණය වී ඇති බැවින්
බහු සංස්කෘතික සමාජ ලෙස හැදින්වේ.
වර්තමානයේ ගෝලීයකරණය,
සන්නිවේදන තාක්ෂණයේ දියුණුව හා සංචාරක ව්‍යාපාරය දියුණුවීම, හේතුවෙන් ලෝකයම එකම
විශ්ව ගම්මානයක් බවට පත් වී සංස්කෘතික සම්මිශ්‍රණය වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවෙමින්
පවතී.
එබැවින් විශ්ව ගම්මානය
තුළ ජීවත් වීමට විශ්වයේ විවිධත්වය හදුනා ගෙන එකිනෙකාට ගරු කරමින් එකම මිනිස්
පවුලක් ලෙස කටයුතු කිරීම ලෝක ප්‍රජාව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන අතර ඒ සදහා
මානවයා හුරු පුරුදු කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස අරථකථනය කල හැකිය.
ශ්‍රී ලංකාවද බහු
සංස්කෘති සමාජයකි. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, ජා, බර්ගර් වැනි
විවිධ ජන වර්ග වෙසෙති. ඔවුහු බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික, ආදී
ආගම් අදහති. සිංහලයන් අතර බෞද්ධ හා ක්‍රිස්තියානි යන ආගම් අදහන පිරිස් සිටිති.
දෙමළ ජනයා අතර ද හින්දු හා ක්‍රිස්තියානි යන අගම් අදහන පිරිස් වෙසෙති. මේ නිසා ශ්‍රී
ලංකාවද බහු සංස්කෘතික ජන සමාජයක ලක්ෂණ සහිත රටකි.
ජන වර්ගය අනුව ශ්‍රී
ලංකාවේ ජනගහනය
සිංහල 74%
ශ්‍රී ලංකා දෙමළ 11.2%
ඉන්දියානු දෙමළ 4.1%
ශ්‍රී ලංකා යෝනක 9.2%
වෙනත් 0.5%
බෞද්ධ 70.2%
හින්දු 12.6%
ඉස්ලාම් 9.7%
ක්‍රිස්තියානි 7.4%
වෙනත් 0.1%ඒ අනුව ශ්‍රී ලංකාවද බහු සංස්කෘතික සමාජයකින් සමන්විත වන බැවින් බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකාව
ජන වර්ගය ආගම භාෂා
ප්‍රදේශිය
සිරිත් විරිත්
සිංහල බෞද්ධ සිංහල උඩරට බෞද්ධ
ශ්‍රී ලංකා දෙමළ කතෝලික දෙමළ පහතරට හින්දු
ඉන්දියුනු දෙමළ ක්‍රිස්තියානි ඉංග්‍රීසි රජරට ඉස්ලාම්
මුස්ලිම් ඉස්ලාම්
මැලේ ක්‍රිස්තියානි
බර්ගර් හින්දු කතෝලිත
මැලේ වෙනත්
වෙනත්
බහු සංස්කෘතික සමාජය තුළ බහු සංස්කෘතික අධ්‍යාපනයේ ඇති
වැදගත්කම
එකිනෙකාගේ සංස්කෘතීන් හදුනාගෙන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම, එකිනෙකාට ගරැ
කිරීම තුළින් ජාතික සමගිය හා සහජීවනය වර්ධනය වේ.
අන්‍ය ආගම්වලට අවමන් නොකිරීම තුළින් අන්‍යෝන්‍ය සුහදත්වය හා විශ්වාසය
වර්ධනය වේ.
අන්‍ය සංස්කෘතින්ට ගරු කිරීමට පෙළඹේ. අන්‍ය සංස්කෘතින්ට අගෞරවයක් නොවන
ආකාරයට හැසිරීමට හුරැ පුරුදු වේ.
ගැටුම් ඇති නොවන සේ කටයුතු කරයි.
එක්සත්ව කටයුතු කිරීමෙන් ලෝකය ජය ගැනීමට පහසු බව අවබෝධ කර ගැනීම තුළින් එක්
ජාතියක් එක් රටක් යන හැගීම් වර්ධනය වේ.
සාමූහිකත්වය වර්ධනය වේ.
අන්‍ය භාෂා ඉගෙනීම හා භාවිතය තුළ අන්තර් සන්නිවේදන නිපුණතාවය ලබා ගැනීම
සර්ව ආගමික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
අන්‍ය මත ඉවසීම හා ඒවාට ගරු කිරීම
සමානාත්මතාවය, මිනිස් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වේ.
රටේ සංවර්ධනය වෙනුවෙන් සෑම පුරවැසියෙකුම නොපිරිහෙලා කටයුතු කිරීම හා එය
ජාතික යුතුකමක් සේ සලකා කටයුතු කිරීමට පෙළඹේ.
සහජීවනය තුළ ශක්තිමත් දේශයක් ගොඩ නැගීම සැමගේ වගකීම බව අවබෝධ කර දීම
ශ්‍රී ලංකාවේ පාසල් තුළ
බහු සංස්කෘතික අධ්‍යපනය ක්‍රියාත්මක වන්නේ කෙසේද
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව අනුව සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස පිළිගැනේ. ඉංග්‍රීසි
භාෂාවද ශ්‍රී ලංකාවේ පිළිගත්
භාෂාවකි. ඒ අනුව පාසල් විෂය මාලාව තුළින් සෑම ළමයෙකුම තම මව්බස ඉගෙන ගන්නා අතර
අනෙක් භාෂාවන් ඉගෙන ගැනීමට අවස්ථා ලබා දී තිබේ.
පාසල් පටන් ගැනීමේ
අවස්ථාවන්හිදී බොහෝමයක් පාසල් සියලුම ආගම් ඇදහීමට ඉඩකඩ සලසා දී ඇති අතර සමහර පාසල්
බෞද්ධාගමට පමණක් මුල් තැන දී ක්‍රියා කරන අවස්ථා දැක ගත හැකිය. මෙහිදී පාසල් තුළ
සර්ව ආගම ඇදහීමට එහි ආශිර්වාදය ලබා ගැනීමට සියලුම ළමුන්ට අවස්ථා ලබාදීම කාලීන
වශයෙන් ක්‍රියාත්මක කළ යුතු තත්වයක පවතී.
එමෙන්ම වර්ථමානයේ පාසල්
පද්ධතිය තුළ සියලු ජන වර්ගයාගේ උත්සව පවත්වන අයුරු දැක ගත හැකිය. උදාහරණ ලෙස සිංහල
අවුරුදු උත්සවය, දෙමළ අවුරුදු උත්සවය, ඉස්ලාම් අවුරුදු උත්සව වලට සමගාමීව පාසල්
වලද සියලුම දරුවන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළ උත්සව සමරන අතර ඒ තුළින් සංහිදියාවක
බලාපොරොත්තු ඉටු වන අතර සියලුම ජන වාර්ගික උත්සව සදහා සම තැන ලබා දීම තව දුරටත්
පාසල් පද්ධතිය තුළ දියුණු විය යුතුය.
එමෙන්ම බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික උත්සව
අදාළ දිනවල පාසල් වල ක්‍රියාත්මක වීම දැකිය හැකිය.බෞද්ධ දරුවන් වෙසක්, පොසොන් ආදී දිනවල පාසල් වල සිල්
සමාදන් වන අතර අන්‍ය ආගමික දරුවන් සහෝදර සිසුන්ට හා ගුරුභවතුන්ට ආවතේව කිරීම
මෙන්ම. අන්‍ය ආගමික දරුවන් වෙසක් කූඩු නිර්මාණය කිරීම, වෙසක් පත් නිර්මාණය කිරීම
දැකිය හැකිය. එමෙන්ම දීපවලි සැමරුම් උත්සව රාමසාන් වැනි උත්සව පාසල් තුළ ක්‍රියාත්මක
වීම දැකිය හැකිය.
පාසල් පාසල්
අතර නෑ ගම් යාමද දැකිය හැකිය. ප්‍රදේශයේ ජන වර්ග දෙකක පාසල් විවිධ විෂය මාතෘකා
පදනම් කරගෙන පාසල් වලට යාමද වැදගත් ලෙස දැකිය හැකය. එමෙන්ම විවිධ සිද්ධස්ථාන
නැරඹීම සදහා ද ක්ෂේත්‍ර චාරිකා මගින් ළමුන්ට අවස්ථාව ලබා දීමද පාසල තුළ ක්‍රියාත්මක
වේ.
පාසල් තුළ
පිහිටුවා ඇති බාලදක්ෂ, පරිසර, ක්‍රීඩා සංගම් තුළින් ද, විවිධ ජාතීන්ගෙන් සමන්විත දරුවන්
සාමාජික වන අතර ඔවුන් ඇසල පෙරහැර වැනි ජාතික උත්සව වලදී කිසිම භේදයකින් තොරව තම
සංගම් හරහා දායකත්වය ලබා දෙන අයුරැ දැකිය හැකිය.
එමෙන්ම මෙරට
ජාතික වශයෙන් සිදු වූ සුනාමි, ගංවතුර, නාය යාම් වැනි ස්වාභාවික ආපදාවන්හිදි පාසල්
දරුවන් සාමුහිකව එකතු වී ක්‍රියා කිරීමද දැකිය හැකිය.
එබැන්
ශ්‍රී ලාංකික ජන සමාජයේ යහපැවැත්ම සදහා සංස්කෘතික අවබෝධය හා සහජීවනය අවශ්‍ය වේ.
එබැවින් මානව වර්ගය තුළ පවතින විවිධත්වය තුළ පවත්නා විශේෂත්වය හදුනා ගැනීමට දරුවන්
යොමු කල යුතුය. ඒ සදහා පාසල් තුළ සිදුවන දායකත්වය ඉතා අල්පය. ජාති, ආගම්, භාෂා හා
සංස්කෘතික භේදයකින් තොරව සහජීවනය, සාමයථ සංහිදියාව ගොජනැගීමේ අත්තිවාරම දැය හැකි
එකම සංදිස්ථානය පාසල වේ. ඒ නිසා පාසල තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය මීට වඩා නියාමනයකින්
හා සැලසුම් සහගත අයුරින් සිදු කිරීමට කාලීන අවශ්‍යතාවයකි බවට පත් වී ඇත.
No comments:
Post a Comment